
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කැනඩියානු කණ්ඩායමේ යුවරාජ් සම්රා අද සමත් විය.
නවසීලන්ත පිලට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ යුවරාජ් පන්දු 65කදී දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් ද සමග රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 110කි.
ඒ අනුව ඊයේ (16) දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී රැස්කර ගත් ලකුණු 100 සීමාව පසුකිරීමට යුවරාජ් සම්රා සමත්විය.
මෙම ශතකයත් සමග යුවරාජ් පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ලාබාළතම පිතිකරුවා බවටද පත්විය.
ඔහුගේ වයස අවුරුදු 19කි. ඔහු උපන් වර්ෂය 2006 යි.
යුවරාජ් අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් දිවියේ ප්‍රථම ශතකයි.
යුවරාජ් සම්රා සිය මව්මව්පියන් ඉන්දියාවෙන් කැනඩාවට සංක්‍රමණය වූවෙකි.
ඔහු මේ වන විට T20 තරග 19කදී ලකුණු 562ක් ලබාගනිමින් 40.14ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart