
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහමගදී අනතුරට පත් තරුණයකු සිය දෙවුර මත තබාගෙන රෝහලට රැගෙන යන තරුණියක පිළිබඳ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
ඊට අදාළ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වේදිකාවල දැකගත හැකිය.
එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ටෙශානි වික්‍රමසිංහ (Teshani Wickramasinghe) නම් එම තරුණිය සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින් දැක්වේ.
‘ආශිර්වාදයන්ට බොහොම ස්තූතී 🙏🥺 ඒත් මේවා share වෙනවා දැක්කාම ඒ එන හැගීම මොකක්ද කියන්න තේරෙන්නේ නැහැ.😞 පොඩ්ඩක් හරි සැනසෙන්න හරි තිබුනා ඒ මල්ලිලා දෙන්නා අනේ අදත් හිටියානම්. අපිට පුලුවන් උපරිම දේ කලත් අනේ එයාලා ගෙනාපු ආයුශ එච්චරයි. 😞
පෙබරවාරි 9 වෙනිදා හවස(6) මේ සිදුවීම සිදුවූ වෙලාවෙ ඉදන් අපි හැමෝම ඒක ගැන කතා නොකරපු දුක් නොවුනු වෙලාවක් නැහැ. හැකි හැම දෙයක්ම කරලා හරි ඒ පන දෙක ගන්න පුලුවන්නම් හිතෙනවා දැනටත්.
අවුරුදු අටකින් පවුලේ හැමෝම එකට ලංකාවට එකතු උනු නිවාඩුව,
එදා මගේ සහ මගේ මල්ලිගේ උපන්දිනේ.
දවස් 3කට අපි හබරන යමින් ගමන් හිටියේ මීගමුවේ ඉදන්. පාරෙන් එහා පැත්තේ කලබලේ එක්ක වෙන්නේ මොනවාද හිතාගන්න බැරි උනා. චූටි කොල්ලෝ දෙන්නෙක් පණ අදිමින් පාර අයිනේ වැටිලා , එතන හිටපු අය වාහනයක් නවත්තන්න දරන උත්සහය දැක්කා අපි.
අපේ තාත්තා Ranaweera Aratchige” ලමායි, අපි උදව් කරමුද ” කියලා අහපු උත්තරයේ පමාවට තාත්තා වාහනේ හරවගත්තා.අම්මා Samanthi Senanayake , මල්ලි, නිවුන්නු නංගිලාIshani Sathsarani & Imani Wickramasinghe එක අරමුනෙන් අනේ ඒ ජීවිත දෙක බේරගන්න හිතුවේ.
මේ පොඩි වාහනේට ගොඩක් තුවාල වෙලා උන්නු මල්ලිව ඉස්සල්ලම දගත්තා. අනෙක් මල්ලිව කීයටවත් දාලා නම් යන්නේ නැහැ! ඒ මල්ලීව පුලුවන් උපරිමෙන් දිගා කරවලා ඇගට වත්තන් කරගත්තා ඉස්සරහ සීට් එකේ.
ඒ ගිය ගමන, ඒ මොහොත, ඒ හැගීම කියන්න විස්තර කරන්න වචන නැහැ. අවසානේ රෝහලේදීත් ඒ අහිංසකයෝ ජීවිතේ එක්ක සටන් කරලා යන්නම ගියා. නිවනට යන ගමනේ මතු උපදින හැම භවයකම සැප සම්පත් පිරි යහපත් සහ දීගායු හිමි ජීවිතම ළැබේවා! ඒ පවුලේ අයටත් මේ දුක දරාගන්න හිතටත් ගතටත් දිරිය ශක්තියම ලැබෙන්න ඕනේ.. 🥺🙏
මේක කියවන ඕනම කෙනෙක්,
අනේ කෙනෙක්ට මෙවන් උපකාරයක් ඕන වෙලේට, පසු කතා ඔක්කෝම හිතන්න එපා.🙏🏻 එදා තව විනාඩි 5-10කට කලින් ඒ කොල්ලොන්ව රෝහලට ගෙනියන්න තිබ්බානම් උන්ගේ ජීවිත බේරෙන්නත් තිබුනා. විනාඩි 15-20 ක් අනතුර වෙලා එතන ඉදලා තියෙනවා.. 😞
ඉගෙන ගන්න ආසාවට නැති බැරි කමට රස්සාවට ආපු අමන්තයි (18yrs) , ජීවිතේ ජයගන්න අහිංසක හීන මවපු නවිදුයි (22yrs) එහෙනම් තාම ජීවතුන් අතර.
අපේ මේ දුප්පත් පුංචි රටේ අපිට තාම දියුනු උපරිම පහසුකම් නැහැ. එකිනෙකා වෙනුවෙන් නැගිටින්න වෙනවාමයි අපිට. කල යහපත හෝ අයහපත ඒ වාගේම නිසි වේලාවට එනවාමයි.
තව දෙයක් කියන්න ඕනේ, මිනිස්සු බයයි මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්න පොලිස් ප්‍රශ්න නිසා. ඒත් Sigiriya Police ඒ වෙලේම එතනට ඇවිත් අපිටත් ස්තූති කරලා, කට උත්තරය ගන්න අපිට පහසු ආකාරයට ඒ වැඩෙත් සැලසුම් කලා. එයාලාටත් ගොඩක් ස්තූතී මිනිස්සුන්ට තව තවත් දිරිය සහ සහයෝගය දෙනවාට. 🙏
අපිට ජීවිතේ හැම රස නීරසම කියාදී දුක් මහන්සියෙන් අපිව හදපු වඩපු, අපිට චිත්ත ශක්තිය දීපු තාත්තාටත්, අම්මාටත් පින්! 🙏🥺
ඒ වගේම හදවත පුරාම පරාර්තකාමීත්වයෙන් ඒ ජීවිත දෙක රකින්න අරමුනු කරගත් මගේ නංගිලාත් මල්ලිත්, ඒ මොහොතේ මහන්සි උනු ගම් වාසීන්ටත් සියලු ප්‍රශංශා සහ යහපත් කර්ම ශක්තීන් ලැබෙවා!.. 🙏
මේ සමාජ මාද්‍ය සංදර්ශන වලින් ඔයාටවත් මටවත් ලැබෙන දෙයක් නැහැ. ඒත් දැන් මේ share වෙන සංවේදී සංසිද්ධියෙන් හරි ප්‍රයෝජනයක් ලැබෙනවානම්, ඒ තව එකෙන්කුට දෙවරක් නොහිතා පිහිට වෙන්න හිතට ශක්තියක් ලැබීම පමනයි! ඒ වාගේම පාරවල් වල හරි පරිස්සමින් හොදම අවදානෙන් යන්න. අවදානය වැදගත්මයි අනතුරක් හරි වලක්වාගන්න. 🙏
https://www.facebook.com/share/v/1Cv3Sm6sXx/?mibextid=wwXIfr
මිනිස්සු අනතුරේ සහ පන අදින කොල්ලන්ගේ සංදර්ශනය විතරක් බලලා කී දෙනෙක් නොසලකා යනවාද. ඉල්ලන්න තියෙන්නේ කිසිම දවසක එහෙම කරන්න එපා කාටවත්ම.😞 හෙට මම හෝ ඔයා වෙන්න පුලුවන් එතන බිම වැටිලා ඉන්නේ.. විනාඩි ගානක පරක්කුව මරනය නිකන්ම ගේනවා. 🥺😞’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart