
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛන්ජාර්'(Khanjar) නමැති මිසයිල නෞකාව අද (29) සිට 31වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය නාවික නෞකා අණදෙන නිලධාරී කොමාන්ඩඑන්.වී.එස්. ෆනි කුමාර් විසින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිවරයා හමුවීමට නියමිත බවද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.
එමෙන්ම VBSS, තුවක්කු සහ මිසයිල මෙහෙයුම් පිළිබඳ විවිධ වෘත්තීය අන්තර්ක්‍රියා ද මෙහිදී සිදු කරනු ඇත.
යුද හමුදාවේ සහ සිවිල් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිළිගැනීමේ උත්සවයක් නෞකාවේදී පවත්වනු ලැබේ.
මෙරට නාවික නෞකා සමඟ සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයක් ත්‍රිකුණාමලයෙන් ඔබ්බට ජූලි 31 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඉන්දීය නාවික හමුදාව සහ එහි හැකියාවන් පිළිබඳව ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහාත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාත්, මෙම නෞකාව පාසල් සිසුන්ගේ නැරඹීම සඳහා විවෘත වේ.
මීට අමතරව හෙට (30) ත්‍රිකුණාමලය වරායේදී එම නෞකාව නැරඹීමට මහජනතාවටද අවස්ථාව හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart