February 14, 2026

මැදගම-පරසන්ගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිය නිවසට තැබූ ගින්නට හසුව ඔහුගේ බිරිඳ මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු නිවසට ගිනිතබන්නට ඇතැයි සැකකරන බවයි.

සැකකාර සැමියා මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.