February 14, 2026

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින 9ක් පුරා පැවැති මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය ඊයේ (13දා) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඔවුන් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.

සත්‍යග්‍රහයේ සිටි ධීවරයන් පිරිසක් හා ජනාධිපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාව ඉතා සාර්ථක බවත් එම නිසා තවදුරටත් සත්‍යග්‍රහය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් එබැවින් සත්‍යග්‍රහය අවසන් කළ බවත් ධීවරයෝ පැවසූහ.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්චි යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තය තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට විරෝධය පළකරමින් මෙම ධීවරයෝ සත්‍යග්‍රහයේ නිතර වූහ.