February 13, 2026

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිටි දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මියගිය පිරිමි පුද්ගලයා නීතිඥයෙකු බව හඳුනාගෙන ඇත.

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලේදී එම වෙඩි තැබීම සිදු කර ඇති අතර අදාළ පිරිමි පුද්ගලයා සහ කාන්තාව මෝටර් රථය තුලදීම මිය ගොස් තිබේ.

ප්‍රහාරය සඳහා T56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි.

වෙඩි තැබීමට හේතුව අනාවරණය කර ගැනීමට සහ ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.