February 13, 2026

රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීමෙන් පාසල් සිසුවියන් 13 දෙනකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් බව වාර්තා වේ.

පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී කිසියම් රසායනික මොවුන්ට ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වී ඇති බව වාර්තා සඳහන් කරයි.

රෝහල්ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් වාර්තා පවසයි.