February 13, 2026

මූල්‍ය අර්බුදය, දේශපාලන අස්ථාවරත්වය සහ දුර්වල කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් නතර වූ රාජගිරියේ ඔබේසේකරපුර අරුණෝදය මාවත මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඊයේ (12) නැවත ආරම්භ කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය.

2020 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මාස 18ක් ඇතුළත උපායමාර්ගික සැලැස්මක් යටතේ නිම කරනු ඇත.

මහල් 15කින් යුත් මෙම සංකීර්ණයට වර්ග අඩි 500 බැගින් වූ නිවාස ඒකක 300ක් ඇතුළත් වේ.

‎මෙම නිවාස සංකීර්ණයේ සංවර්ධනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන අතර, නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස කටයුතු කරයි.

එයට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AIIB) රුපියල් මිලියන 2,939.49ක අරමුදල් සපයනු ලැබේ.

නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ‎නැවත ආරම්භ කිරීමේ උත්සවය අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.