
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තම දියණිය එරට පාලන තන්ත්‍රයේ උරුමක්කාරිය ලෙස තෝරාගෙන ඇති බව දකුණු කොරියානු ඔත්තු ඒජන්සිය අනාවරණය කරයි.
මේ වනවිට 13 හැවිරිදි වියේ පසුවන බවට විශ්වාස කෙරෙන කිම් ජු මෑතකාලීනව සිය පියා සමග එරට රජයේ ඉහළ පෙළේ උත්සව සඳහා ප්‍රසිද්ධියේ පෙනීසිටි අතර ඉකුත් සැප්තැම්බර් මාසයේදී කිම් ජොන් උන් සමග ඔහුගේ චීන සංචාරයට ද එක්ව සිටියාය.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය පවසන්නේ, මෙම තක්සේරුව සිදුකිරීමේදී නිල උත්සවවලදී ඇයගේ කැපීපෙනෙන මහජන සහභාගීත්වය ඇතුළුව තත්ව පරාසයක් සැලකිල්ලට ගෙන ඇති බවයි.
එමෙන්ම එම බුද්ධි සේවය පවසන්නේ, මෙම මස අගදී පැවැත්වීමට නියමිත උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ සම්මේලනයට ඇය උතුරේ සහභාගී වේද යන්න පිළිබඳව සමීපව විමසිලිමත් වන බවයි.
සෑම වසර පහකට වරක් පැවැත්වෙන එම සම්මේලනය උතුරු කොරියාවේ විශාලතම දේශපාලන උත්සවය ලෙස සැලකෙයි.
ඉදිරි වසර පහ සඳහා විදේශ ප්‍රතිපත්තිය, යුද සැලසුම් කිරීම සහ න්‍යෂ්ටික අභිලාෂයන් වැනි ප්‍රමුඛතා පිළිබඳ වැඩි විස්තර උතුරු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන්නේද මෙම කම්කරු පක්ෂ සම්මේලනයේදී ය.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය එරට නීති සම්පාදකයින් වෙත පවසා ඇත්තේ, කිම් ජු ඒ අනුප්‍රාප්තිකයෙකු වීමට පුහුණු කර ඇති බවට කළින් විස්තර කළ ද මේවනවිට ඇය අනුප්‍රාප්තික තනතුරට පත්කිරීමේ අදියරේ සිටින බවයි.
ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඇය තම මතය ප්‍රකාශ කරන බවට සලකුණු අනාවරණය වී ඇති බැවින්, ඇය දැන් අනුප්‍රාප්තිකයෙකු ලෙස නම් කිරීමේ අදියරට පැමිණ ඇති බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය විශ්වාසය පළකරයි.
ජු කිම් ජොන් උන් සහ ඔහුගේ බිරිඳ වන රි සොල් ජු හට සිටින එකම දරුවා කිම් ජු ඒ බව පෙනෙන්නට ඇති නමුත් කිම් ජොන් උන්ට වැඩිමහල් පුතෙකු සිටින බව දකුණු කොරියානු බුද්ධි අංශ විශ්වාස කරයි.
එහෙත් එම පුත්‍රයා මේ දක්වා කිසිඳු අවස්ථාවකදී ප්‍රසිද්ධියේ පෙනීසිට නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart