February 12, 2026

කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයේ බුල්ඩෝසරයක් බොරැල්ල ප්‍රදේශයේ පාසලක බිත්තියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.

බුල්ඩෝසරය ගැටීම හේතුවෙන් බිත්තිය කඩා වැටී ඇති අතර, එහිදී ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සිසුන්ගෙන් එක් අයෙකු දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

තුවාල ලැබූ තිදෙනාම අනතුර සිදුවන විට පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් වේ.

බුල්ඩෝසරයේ රියදුරු ලෙස කටයුතු කළ 48 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, බුල්ඩෝසරය පොලිසිය භාරයට ගෙන ඇත.