
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ජනතාව ආකර්ෂණය කරගත් සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්සත් ජනපද චාරිකාව අතරතුර, පෙබරවාරි 10 වැනිදා වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතා උසස් ආකාරයෙන් පිළිගෙන තිබිණි.
බෞද්ධ භික්ෂූන් වහන්සේ 200 නමකට අධික සංඛ්‍යාවක් උදෙසා පවත්වන ලද දහවල් දානය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සපයමින් දායක වූ අතර ජාතික එක්සත් මෙතෝදිස්ත දේවස්ථානයේ පැවැති එම දානය වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කළ බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
කොලොම්බියා දිස්ත්‍රික් ලේකම් කිම්බර්ලි ඒ. බැසෙට්ගේ ආරාධනයෙන් තානාපතිවරයා වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ පැවති අන්තර් ආගමික උත්සවයට ද සහභාගී විය.
තානාපති මහින්ද සමරසිංහ සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මධුක වික්‍රමාරච්චි ද එක්විය.
සාමය සඳහා වූ පා ගමනට සහයෝගය දක්වමින් ආසන දෙව්මැදුර වටා දහස් ගණනක් ජනතාව එක්රැස්ව සිටියහ.
ප්‍රධාන භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේ තානාපති කාර්යාලයේ පිළිගැනීම සංවිධාන කළ ස්ථානයේ මොහොතකට නතර වූ අතර එහිදී තානාපතිවරයා අටපිරිකර පූජා කර, පඤ්ඤාකර හිමියන්ගේ සිවුර මත ශ්‍රී ලංකා ධජය සහිත ලාංඡනය පැළඳවීමට ද කටයුතු කළේය.
තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රජාව මල් පූජා කර පා ගමනට ආචාර කළ අතර පා ගමනේ සිටි සියලුම බැතිමතුන්ට තානාපති කාර්යාලය විසින් ජල බෝතල් බෙදාදීම බෙහෙවින් ඇගයීමට ලක්විය.
තානාපතිවරයා, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයන් පසුව භික්ෂූන් වහන්සේ සමඟ පා ගමනට එක්විය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart