February 12, 2026

බණ්ඩාරවෙලදී අතුරුදන් වූ බවට වාර්තා වූ කාන්තාවක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

බණ්ඩාරවෙල ඌව හයිලන්ඩ් වතුයායේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් පවුල් ආරවුලක් හේතුවෙන් තම නිවසින් පිටව ගිය බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

2025 නොවැම්බර් 16 වැනි දින පැමිණිල්ල ගොනුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ ඒට්ටම්පිටිය පොලිසිය විසිනි.

අතුරුදන් වූ කාන්තාව බණ්ඩාරවෙල ඌව හයිලන්ඩ් වතුයායේ පදිංචි පුවිනාදන් පවිත්‍රා ජීවන්ති හේරත් ලෙස හඳුනාගෙන ඇත.

තොරතුරු ඇති ඕනෑම අයෙකු 071-8591528 අංකයෙන් හෝ 055-2294965 අංකයෙන් පොලිසිය අමතන්නැයි ඉල්ලා සිටී.