February 11, 2026

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ කටයුතු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

2023 දී රවී සෙනෙවිරත්න මත්පැන් පානය කර මාර්ග අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට එල්ල වන චෝදනාවලට අදාළව මෙම නඩුව පවරා තිබේ.

නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සෙනෙවිරත්න අභියාචනාධිකරණය හමුවේ ස්ථාන මාරු අයදුම්පතක් ගොනු කර තිබිණි.

අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විය.