
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට ආරම්භ වී ඇති T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්තාන තරගය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතව තිබිණි.
බංග්ලාදේශයට සහාය පළකරමින් පාකිස්ථානය ප්‍රකාශ කළේ, ලබන 15 වැනිදා ශ්‍රී ලංකාවේදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට තම කණ්ඩායම සහභාගී නොවන බවයි.
මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඇතුළු පාර්ශව රැසක් ඉන්දු-පාකිස්ථාන තරගය පැවැත්වීමට උත්සාහ දරන ආකාරය දැකගත හැකි විය.
මේ අතර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකද පාකිස්ථාන අගමැතිවරයාට දුරකථන අමතුවමක් ලබාදී තරගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා විය.
අවසානයේ ඊයේ පස්වරුවේ පාකිස්ථානය නිවේදනය කළේ, 15වැනිදා පැවැත්වෙන තරගයට පාකිස්ථානය සහභාගී වීමට තීරණය කළ බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම හේතුවෙන් පාකිස්ථානය සිය පළමු තීරණය වෙනස්කර තිබුණු බවයි.
කෙසේවෙතත් එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයෙන් අදහාස් පළකර ඇති ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීම මිස, පාකිස්තානයේ තීරණය වෙනස්වීම කෙරෙහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බලපෑමක් සිදුකළ නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් Ceylonwire.lk සිදුකළ සොයාබැලීමකදී පාකිස්තාන රජයේ නිල X ගිණුමේ පළකර තිබූ පණිවිඩයක මෙවැනි සටහනක් තිබෙනු දැකගත හැකි විය.
‘අද සවස අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන ඇමතුමක් පැවැත්වීය. ඔවුන්ගේ උණුසුම් හා මිත්‍රශීලී සංවාදයේදී, විශේෂයෙන් අභියෝගාත්මක කාලවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම උරෙන් උර ගැටී සිටි බව ඔවුහු සිහිපත් කළහ. වත්මන් අවුල් සහගත තත්ත්වය මිත්රශීලීව විසඳීම සඳහා බැරෑරුම් ලෙස සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
බහුපාර්ශ්වික සාකච්ඡාවලින් ලබාගත් ප්‍රතිඵල මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන රජය 2026 පෙබරවාරි 15 වන දින ICC පිරිමි T20 ලෝක කුසලානයේ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිටියට පිවිසෙන ලෙස මෙයින් නියෝග කරයි.’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart