February 9, 2026

ඉන්දියාව සීෂෙල්ස් රාජ්‍යයට සංවර්ධන ආධාර ලෙස ඩොලර් මිලියන 175 ක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින සීෂෙල්ස් ජනාධිපති පැට්‍රික් හර්මිනි සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට එක්වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මෙම අධාර මුදල ප්‍රකාශයට පත් කර ඇති බවයි.

තිරසාරභාවය, වෙළඳාම සහ ආර්ථිකය මෙන්ම ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පුළුල් දැක්මක් සඳහා ද දෙපාර්ශ්වය එකඟ වී ඇත.

ඉන්දියාවට පැමිණි සීෂෙල්ස් ජනාධිපතිවරයා දින 06 ක කාලයක් එහි රැඳී සිටීමට නියමිතයි.

සීෂෙල්ස් යනු ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාව සඳහා ප්‍රධාන සමුද්‍රීය අසල්වැසියෙකි.

ඉන්දියාව සහ සීෂෙල්ස් සම්බන්ධ වී ඇත්තේ භූගෝලීය වශයෙන් පමණක් නොව, ඉතිහාසය, විශ්වාසය සහ අනාගතය සඳහා බෙදාගත් දැක්මකින් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සීෂෙල්ස් ජනාධිපතිවරයා සමග පැවැති ද්විපාර්ශවික හමුවෙන් අනතුරුව නිකුත් කළ ජනමාධ්‍ය ප්‍රකාශයේ සඳහන් කළේය.