February 9, 2026

මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයන් 14 දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩිතබා නතර කර, ලොරි රථය, ගවයන් සමග දෙදෙනකු බලපිටිය මහකරාවේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංක්‍රමික යතුරුපැදි ඒකකය කියයි.

පොලිස් අණ නොතකා ධාවනයවූ ගවයන් පටවාගෙන යමින් තිබූ මේ ලොරි රථය කිලෝමීටර් දහයක් පමණ පසු පසු ලුහුබැද ගොස් වෙඩි කිහිපයක් තබා නවතාගෙන ගවයන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.

ලොරි රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෙල කපා ඝාතනය කරන ලද එළ ගවයකුද එහි සිටි බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු ගවයන් අතර එළ ගවයින් දහයක් සහ මී ගවයන් හතරක් සිටි බවත්, ඒ අතර එළ හා මී ගව පැටව් හතරක් ද සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.