
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ වර්ග 1,300ක් පමණ නොමැතිකම හේතුවෙන් ඇතැම් රජයේ රෝහල්වල දන්ත හා විකලාංග ප්‍රතිකාර සහ දන්ත ශල්‍යකර්ම සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා ඇත.
ඉහත සඳහන් ඖෂධ 1,300න් අත්‍යාවශ්‍ය ඖෂධ ලෙස හඳුනාගෙන ඇති ඖෂධ වර්ග 233ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද, එම ගැටලුව විසඳීමට එම අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි, රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ දන්ත විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් ඊයේ (27) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව වහාම සොයාබලා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) දැනුම් දී තිබෙන නමුත්, මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව, ඔහු පවසයි.
මෙම තත්ත්වය 2021 වසරේ සිට පැවත එන අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශය මෙම ගැටලුව විසඳීම මඟහැරි බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
මුදල් නොමැති බව අමාත්‍යාංශය සඳහන් කළද, ආසියානු සංවර්ධන බැංකුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 100ක් ලබාදී ඇති බව තමන් දන්නා බව ද වෛද්‍ය මංජුල හේරත් වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart