February 8, 2026

තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ බගවන්තලාව පොලිසියට අනියුක්ත නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

බගවන්තලාව පොලිසියේ මුර කුටියේ රාජකාරි කළ නිලධාරීන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.