
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කවුරුන් කුමන ආකාරයෙන් උද්ඝෝෂණය කළද ‘පාරේ හිටියත්’ එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ මහනුවර දී පැවසීය.
2025 – 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රුපියල් කෝටි 33,000ක් වැය කර ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (06දා) පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ පැවැත්විණි.
2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සලකා බලන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ එතෙක් කුමන උද්ඝෝෂණ සිදුකළ ද එළැඹෙන වසරේ වැටුප් වැඩිවීම එනතෙක් කිසිදු දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බවය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
“අපි රාජ්‍ය සේවය පැත්තෙන් බැලුවේ මූලික වැටුප් වැඩිවීම තමයි වැදගත් කියලා. අන්න ඒ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2025 වසරේ වැය කරලා තියෙනවා රුපියල් කෝටි 11,000ක්. 2026 වසරේ මේ ජනවාරි මාසේම තව කෝටි 11,000ක් වැය කරනවා. 2027 ඊළඟ කොටස තියෙනවා කෝටි 11,000ක් වැය කරනවා. 2027 වෙනකොට අපේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක් අපි දරන වියදම කෝටි 33,000යි. දැන් එහෙම වැටුප් වැඩි කිරීමක් කරලා තියෙද්දි මම දකිනවා සමහර අය ආයේ මේ දීමනාව වැඩි කරන්න, අර දීමනාව වැඩි කරන්න කියනවා. වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි 2027 දී තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවුණාට පස්සේ අපේ අයවැයට එන බලපෑම දිහා බලලා තමයි අනෙක් දීමනා ගැන කල්පනා කරන්නේ.
නිසි ආර්ථික සැලසුම් නොමැති වීම සහ ඒ ඒ මොහොතේ සිටින දේශපාලනඥයාගේ අවශ්‍යතාව සහ අල්ලස දූෂණය මෙම බිඳවැටීමට හේතු වුණා. මේ බිඳවැටීම තවමත් අවසන් වී නැහැ. මෑතකදී මම වාර්තාවක් කැඳවුවා ආර්ථික බිඳ වැටීම නිසා නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තිබුණට වඩා කොපමණ වියදමක් යනවද කියා සොයා බැලීමට. ප්‍රධාන ව්‍යාපෘති 43ක් අතරින් 20ක් පිළිබඳ සොයා බැලීම සිදු කළා. එම ව්‍යාපෘති 20ම 2022, 2023 වසරවල හැදුවා නම් වැය වන්නේ රුපියල් කෝටි 30,000යි. හැබැයි දැන් කෝටි 61,000ක් වැය කිරීමට සිදුව තිබෙනවා. එසේ නම් අලුත් ඇස්තමේන්තුව දෙගුණයක් වී තිබෙනවා. ආර්ථික බිඳ වැටීමේ ප්‍රතිවිපාක අපි අදත් අත්විඳිමින් සිටිනවා.
අපි බලයට පත්වීමෙන් පසු මේ රටේ ආර්ථිකය වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණය ලැබුවා. අපි රටක් ලෙස ලබන මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ ආර්ථික වශයෙන් පතුලේම සිටින ජනතාව වෙත ගලා යෑමට සැලැස්වීම අපේ අරමුණයි. නමුත් ඉතිහාසයේ සිදු වුණේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසීමයි.
අපිට මහ ජනතාවගේ මුදල් සතයක්වත් පොදි බැඳ ගැනීමේ වුවමනාවක් නැහැ. අපිට අවශ්‍ය මේ රට ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික වශයෙන් පතුලේම සිටින ජනතාවට බෙදා දීමයි. ඒ නිසා මේ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් සියලු ජනතාවට සහන ලබාදීම අපේ අරමුණයි. එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීමට, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සකස් කරදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට ඉන්දියාව, චීනය ඇතුළු මිත්‍ර රටවල සහාය ලැබෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ පෞද්ගලික ව්‍යවසායකයන් අපිට උදව් කරනවා. මේ සියලු දෙනාගේ සහාය ඇතිව මේ ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කරදීම අපේ අරමුණයි.
අපිට වැදගත්ම දේ ආර්ථික සංවර්ධනය උදා කරගැනීමයි. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. අපි අනිවාර්යයෙන් එය සිදු කරනවා. ඒ පිළිබඳ කිසිවෙක් සැකයක් තබා ගතයුතු නැහැ. අධිකරණය පද්ධතිය, නීතිය පසිඳන ස්ථාන, නීති පරීක්ෂණ කරන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතනවල විශාල බිඳ වැටීම් තිබෙනවා. එහෙත් එම තත්ත්වය වෙනස් කර එම ආතනය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට අදාළ කටයුතු අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඍජුව නිලධාරින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart