
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අවලංගු කරමින් අභියාචනාධිකරණය රිට් නියෝගයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
කෙසේවෙතත්, නව සාක්ෂි ඉදිරිපත් කළහොත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෞද්ගලික පැමිණිල්ල අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම තීන්දුවෙන් වළක්වන්නේ නැති බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.
මෙම පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයකු වන පූජ්‍ය සිරිල් ගාමිණී පියතුමා සහ ජේසුරාජ් ගනේෂන් ඇතුළත් වේ.
පෙත්සම්කරු වන හිටපු ජනාධිපති සිරිසේන පවසන්නේ, පාස්කු ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට වගඋත්තරකරුවන් විසින් 2022 දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිගමන මත පදනම්ව මෙම පෞද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඔහු තවදුරටත් පවසයි.
පැමිණිල්ලෙන් සෑහීමකට පත් වූ මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසියක් නිකුත් කර ඇති බව ඔහු කියා සිටී.
ජනාධිපති කොමිසමේ නිගමන අධිකරණ සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවත්, එබැවින් එම පදනම මත පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යෑමට මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීති විරෝධී බවත් පෙත්සම්කරු තර්ක කරයි.
ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස රිට් නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම පෙත්සම ගොනු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart