
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 120,000 කින් පසු උදා වූ උණුසුම්ම මාසය ‘2023 ජූලි මාසය’ බවත්, එය මිනිසා විසින් ඇතිකරන ලද දේශගුණික විපර්යාස ඊට හේතුවී ඇති බවත්, ගෝලීය කාලගුණ විද්‍යා සංවිධාන දෙකක් ඊයේ (27) නිවේදනය කළේය.
ඔවුන් එසේ එම නිවේදනය නිකුත් කර ඇත්තේ, ජූලි මාසය අවසන් වීමට දින පහක් පමණ ඉතිරිව තිබියදීය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය ප්‍රකාශයට පත්කරන ලද මෙම ඒකාබද්ධ වාර්තාවේ කියා ඇත්තේ, මේ දක්වා තාපය කෙතරම් තීව්ර වී ඇත්දයත්, පෘථිවියේ උණුසුම්ම මාසය වනු ඇති බවයි.
ජූලි මාසයේ පළමු දින 23 තුළ ලොව පුරා උෂ්ණත්ව සාමාන්‍යය සෙල්සියස් අංශක 16.95ක් වූ අතර, එය 2019 ජූලි මාසයේදී තිබූ අංශක 16.63ට වඩා බෙහෙවින් වැඩි බව වාර්තාව සඳහන් කරයි.
ජූලි 06 වැනිදා වාර්තාගත උණුසුම්ම දිනය ලෙස සෙල්සියස් අංශක 17.08ක් වූ අතර, එය 2016 අගෝස්තු මාසයේදී තිබූ අංශක 16.8 ක වාර්තාව පහසුවෙන් අභිබවා ගොස් ඇත.
මේ වනවිට ගිම්හානය අත්විඳින උතුරු අර්ධගෝලය, උතුරු අමෙරිකාව, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව පුරා දැවැන්ත තාප තරංග දැකගත හැකි අතර, එමඟින් මිනිසුන් දුසිම් ගණනක් මිය ගිය සහ බොහෝ රටවල දස දහස් ගණනක් ඉවත් කිරීමට තුඩු දුන් දැවැන්ත විනාශකාරී ලැව්ගිනි ඇතිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart