February 3, 2026

ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ග්‍රැමී සම්මානලාභියකු බවට පත්ව තිබේ.

පෙබරවාරි 1 වන ඉරිදා පැවති ග්‍රැමී සම්මාන උලෙළේ දී 90 හැවිරිදි ඔහුට 68 වැනි ග්‍රැමී පූර්ව උත්සවයේදී ‘භාවනා: ශුද්ධෝත්තම දලයි ලාමාතුමාගේ ආවර්ජන’ (Meditations: The Reflections Of His Holiness The Dalai Lama) සඳහා හොඳම ශ්‍රව්‍ය කෘතිය, ආඛ්‍යානය සහ කතන්දර පටිගත කිරීම සඳහා ග්‍රැමී සම්මානය හිමිවිය.

සම්මානලාභී අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඔහු පළමු වරට ජයග්‍රාහකයකු වීමේ ගෞරවයට පාත්‍ර වුහ.

යූ ටියුබ් හි විකාශය වූ උත්සවයේදී දලයි ලාමා වෙනුවෙන් සංගීතඥ රූෆස් වේන්රයිට් සම්මානය පිළිගත්තේය.

“හරි, මම දලයි ලාමා නෙවෙයි, පැහැදිලිවම,” රූෆස් වේන්රයිට් වේදිකාවේ සිට විහිළුවට මෙන් ප්‍රකාශ කළේය.

“මෙයට සහභාගී වීමට ලැබීම වරප්‍රසාදයක්. හදවතේ ප්‍රඥාව ඇති ශුද්ධෝත්තම දලයි ලාමා වෙනුවෙන් මෙම සම්මානය පිළිගැනීම ගෞරවයක්.” යනුවෙන් ඔහු පැවසීය.

දලයි ලාමා තුමන් සිටි සම්මාන කාණ්ඩයේ බරපතළ තරඟයක් පැවැති අතර, මිලි වැනිලිගේ ෆැබ් මෝර්වන්, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් සහ ග්‍රැමී සම්මාන උළෙලේ සත්කාරක නෝවාට එරෙහිව තරඟ කළේය.

මෙම ඇල්බමයේ සිහිකල්පනාව, සමගිය සහ සෞඛ්‍යය වැනි තේමාවන් පිළිබඳ අදහස් හින්දුස්ථානි සම්භාව්‍ය බලපෑම් සමඟ සුසංයෝග කර ඇතුළත් වේ.

වේන්රයිට් යනු මැගී රොජර්ස් සහ ඇන්ඩ්‍රා ඩේ සමඟ ව්‍යාපෘතියේ පෙනී සිටින සංගීතඥයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකි.