
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් තම ජාතික කණ්ඩායමට පාකිස්ථාන රජය දී ඇති උපදෙස් පිළිබඳ අවධානය යොමු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
කෙසේවෙතත් ICC විසින් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් නිල සන්නිවේදනයක් බලාපොරොත්තුවෙන් සිටියි.
මෙම ස්ථාවරය, සියලුම සුදුසුකම් ලත් කණ්ඩායම් ඉසව් කාලසටහනට අනුව සමාන කොන්දේසි මත තරඟ කිරීමට අපේක්ෂා කරන ලෝක ඉසව්වක මූලික පදනම සමඟ සැසඳීම දුෂ්කර බව ICC විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එහි දැක්වෙන්නේ ICCය විසින් තරඟාවලි ගොඩනගා ඇත්තේ ක්‍රීඩා අඛණ්ඩතාව, තරඟකාරිත්වය, අනුකූලතාව සහ සාධාරණත්වය මත වන අතර තෝරාගත් සහභාගීත්වය තරඟවල ජීවගුණය හා පරිශුද්ධභාවය විනාශ කරන බවයි.
ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයන්ගේ භූමිකාවන්ට ගරු කළ ද, මෙම තීරණය ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ පාකිස්ථානයේ මිලියන ගණනක් ඇතුළුව ලොව පුරා රසිකයන්ගේ යහපත සඳහා හේතු නොවන බවත් ICCය අවධාරණය කර තිබේ.
ICCය පවසන්නේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තම රටේ ක්‍රිකට් සඳහා පවතින සැළකිව යුතු හා දිගුකාලීන ඇඟවුම් සළකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
ICC පිරිමි T20 ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම ICCයේ ප්‍රමුඛතාව වන අතර එය පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු එහි සියලුම සාමාජිකයන්ගේ ද වගකීම විය යුතු යැයි නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
සියලුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පාකිස්ථානය විසින් ඉදිරිපත් කරනු ඇති බව ICCයේ අපේක්ෂාවයි.
ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පාකිස්ථානය A කාණ්ඩයේ සිටින අතර, ඔවුන්ගේ සියලුම තරඟ ක්‍රීඩා කරන්නේ තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේදීය.
පාකිස්ථානය T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ඔවුන්ගේ පළමු තරගය ක්‍රීඩා කරන අතර, පසුව පෙබරවාරි 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව සහ පෙබරවාරි 18 වන දින නැමීබියාවට එරෙහිව තරඟ වැදීමට නියමිතය.
පාකිස්ථානය තරඟය වර්ජනය කළහොත් ඉන්දියාවට එරෙහි තරඟයෙන් ලකුණු දෙක ඔවුන්ට අහිමි වනු ඇත.
ICCයේ ක්‍රීඩා කොන්දේසිවලට අනුව පාකිස්ථානයේ ලකුණු අනුපාතයට ද මෙය බලපාන අතර ඉන්දියාවට ඉන් බලපෑමක් නොවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart