January 26, 2026

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලි නුවරදී යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔවුන්ගේ සාකච්ඡා ඉන්දියාව-යුරෝපීය සංගම් සබඳතාවල නව පරිච්ඡේදයක පෙර නිමිත්තක් වනු ඇතැයි එහිදී විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු පැවසුවේ යුරෝපීය සංගම් කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඉන්දියාවට පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි.

මේ අතර ඉන්දියාවේ 77 වන ජනරජ දින සැමරුම සඳහා ඔවුන් දෙපළ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා සිටියේ එම අවස්ථාව සඳහා යුරෝපා ප්‍රධානීන් සහභාගී වීම ඉන්දියාව ලද වරප්‍රසාදයක් බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔවුන්ගේ ඉදිරි සාකච්ඡා ඉන්දියාවේ නව පරිච්ඡේදයක් මෙන්ම යුරෝපා සංගම් සබඳතා නව මානයකින් සනිටුහන් කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබේ.

යුරෝපා කවුන්සිලයේ ප්‍රධානීන්ගේ මෙම ඉන්දීය සංචාරයේදී දෙපාර්ශවය අතර යෝජිත නිදහස් වෙළඳ ගිව්සුම අත්සන් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.