January 22, 2026

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර සෞඛ්‍ය සේවා සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඇෆ්ගනිස්ථානයේ පිළිකා රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නවදිල්ලිය කාබුල් වෙත ජීවිතාරක්ෂක පිළිකා ඖෂධ ටොන් 7.5 ක් යොමු කර තිබේ.

නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ, පිළිකා රෝගීන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එම පරිත්‍යාගය සිදු කළ බවයි.

එමෙන්ම ඔහු පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ මිත්‍රශීලී ජනතාවට සහාය වීමට ඉන්දියාව කැපවී සිටින බවයි.

ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය මව්ලවි නූර් ජලාල් ජලාලි, නවදිල්ලියේ දී සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජේපී නඩ්ඩා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කළ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

එහිදී සෞඛ්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම, වෛද්‍ය වෘත්තිකයන් අතර විශේෂඥතාව බෙදා ගැනීම, ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය සේවකයින්ගේ ධාරිතාව ගොඩනැගීම සහ ඇෆ්ගනිස්ථානයට ගුණාත්මක ඖෂධ සැපයීම සහතික කිරීම මෙන්ම පිළිකා ප්‍රතිකාර, ඇෆ්ගනිස්ථාන රෝගීන් සඳහා වෛද්‍ය වීසා සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ලබාදීම සඳහා එහිදී දෙපාර්ශවය එකඟ වී තිබිණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීන සහයෝගය සඳහා ඉන්දියාවට ස්තූති කළ ඇෆ්ගනිස්තානය සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා පවතින අමතර අවශ්‍යතා ද ඉදිරිපත් කර තිබේ.