
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය, සිරගත කර සිටින එහි නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර තිබේ.
ඒ අනුව එම පක්ෂය පවසන්නේ ඔහු බරපතල අක්ෂි රෝගයකින් පෙළෙන බවයි.
ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර නොකළහොත් සදාකාලිකවම සිය නායකයාගේ ඇස් පෙනීම අහිමි විය හැකි බව ද පී ටී අයි පක්ෂය අනතුරු අගවා තිබේ.
පක්ෂය නිල X ගිණුමේ පළ කරන ලද ප්‍රකාශයක් හරහා මෙම ගැටලුව මතු කළ අතර, ඉම්රාන්ට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ නීතීඥයින් හමුවීමට අවස්ථාවක් ලබා දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු කැමති රෝහලකට මාරු කරන ලෙස ද එම පක්ෂය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එම පක්ෂය උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසේ මධ්‍යම දෘෂ්ටි විතානයේ නහර අවහිර වීමක් පවතින බව හඳුනාගෙන ඇති බවයි.
“සිරගෙදරදී ඔහුව පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයින්ට අනුව, මෙය අතිශය සංවේදී හා බරපතල වෛද්‍ය තත්වයක් වන අතර, එය වහාම සහ නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත්, ඔහුගේ ඇස් පෙනීමට ස්ථිර හානි වීමේ ඉහළ අවදානමක් ඇති කරයි,” යනුවෙන් පක්ෂය නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart