January 13, 2026

මනුෂ්‍යත්වයට ඇති අවසාන හා බරපතල තර්ජනය ත්‍රස්තවාදය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාවේ සංචාරයක නිරත ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරටම ඒ බව ඒකමතිකව ප්‍රකාශ කරන බවයි.

මේ අතර ජර්මානු චානසලර්වරයා පැවසුවේ ඉන්දියාව සහ ජර්මනිය එකට එකතු වී ත්‍රස්තවාදයට එරෙහිව අධිෂ්ඨානශීලීව සටන් කරන බවයි.

සිය ද්විපාර්ශවික හමුවේදී නායකයින් දෙදෙනා යුක්රේනයේ සහ ගාසා තීරයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර ගැටුම් සඳහා සාමකාමී විසඳුම් සඳහා සහයෝගය නැවත අවධාරණය කර තිබේ.

දෙරටේ ඓතිහාසික සබඳතා වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක සහ ගෝලීය ගැටළු හරහා පුළුල් වන නවීන සහයෝගීතාවයක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ඇතැයි ද නායකයින් දෙදෙනා පවසූහ.