
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පාතාල අපරාධකරුවකුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් අල්ලසක් ඉල්ලා ඇති බවට වාර්තා වන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආරම්භ කර ඇත.
එම නිලධාරිය විසින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින ‘කුඩු සලිඳු’ (සලිඳු මල්ෂික) නමැති අපරාධකරුවාගෙන් රුපියල් මිලියන 130ක අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්රයේ රඳවා සිටින සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (26) කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමන්ගෙන් අල්ලසක් ඉල්ලා සිටි බවත්, ඒ බව පසුගිය මැයි 31 වැනිදා එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට දන්වා සිටි බවත්, සැකකරු විසින් මහේස්ත්රාත්වරයාට එහිදී පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart