
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාර්ථක ඉන්දියාවක් ලෝකය වඩාත් ස්ථාවර, සමෘද්ධිමත් සහ ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරන බව යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් පැවසුවාය.
ඇය මෙම අදහස් පළ කළේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර යෝජිත ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීමට ආසන්නයේ සිටියදීය.
ඉන්දියාවේ තෙදින සංචාරයක යෙදී සිටින වොන් ඩර් ලේයන්, ඉන්දියාවේ ජනරජ දින සැමරුමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ඇය එහිදී පැවසුවේ එම අවස්ථාව ඇයට ජීවිත කාලයටම හිමිවූ ගෞරවයක් බවයි.
එමෙන්ම ඇය හෙට දිනයේ පැවැත්වෙන ඉන්දු – යුරෝපා සමුළුවට ද සහභාගී වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එයට සහභාගී වීමය නියමිතය.
ඉන්දීය-යුරෝපා සංගම් සමුළුවේදී, බොහෝ දෙනා බලා සිටි නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වන සාකච්ඡාවල අවසානය දෙපාර්ශ්වය විසින් නිවේදනය කිරීමට නියමිතය.
නවදිල්ලි සංචාරයට දින කිහිපයකට පෙර, වොන් ඩර් ලේන් පැවසුවේ ඉන්දියාව සහ යුරෝපා සංගමය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් පමණ නියෝජනය කරන බිලියන දෙකක ජනතාවකින් සමන්විත වෙළඳපොළක් නිර්මාණය කරන “ඓතිහාසික වෙළඳ ගිවිසුමක” ආසන්නයේ සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart