
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලක්විජය බලාගාරය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අතිරේක ගල් අඟුරු මෙට්‍රික් ටොන් 341 ක් අවශ්‍ය ඇති වනු ඇතැයි යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකාර් පවසයි.
ඔහු පැවසුවේ, මෙම වසරේ අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය ගල්අඟුරු තොගය රට තුළට ගෙන ඒමට නොහැකි වනු ඇති බැවින් , එමඟින් විදුලිය හිඟයක් ඇති විය හැකි බවයි.
එහි ප්‍රතිපලයක් ලෙස වසර අවසානයේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් ඔහු අනාවරණ කළේය.
අතිරේක ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අමතර රුපියල් බිලියන 10 ක් වැයකිරීමට සිදුවන බවත්, එය රාජ්‍ය අරමුදල් නාස්තියක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ඔහු පැවසුවේ, යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මෙම කාරණය විමර්ශනය කරන බව සහ කඩිනමින් තවත් හෙළිදරව් කිරීම් සිදුකරන බවයි.
මෙම අංශය සම්බන්ධයෙන් අත්දැකීම් අඩු ගල්අඟුරු සැපයුම්කරුවන්ට කොන්ත්‍රාත්තු ලබාගැනීමට හැකි වන පරිදි ටෙන්ඩර් පටිපාටි වෙනස් කර ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඒ අනුව, ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ කාලරාමුව දින 42 සිට දින 21 දක්වා අඩුකර ඇති අතර ඊට අමතරව, ලංසුකරුවන් සඳහා සුදුසුකම් ලබන නිර්ණායක සංශෝධනය කර ඇති බව ද ඔහු අනාවරණ කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, ලංසුවක් සඳහා සුදුසුකම් ලැබීමට සැපයුම්කරුවෙකුට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා සපයා තිබිය යුතුවුව ද, මෙම අවශ්‍යතාවය දැන් මෙට්‍රික් ටොන් 500,000 දක්වා අඩුකර ඇති බවයි.
මෙවැනි වංචනික ක්‍රියාකාරකම් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක නොව ඔහු වටා සිටින පුද්ගලයන් වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart