
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 Tripadvisor සංචාරකයන්ගේ තේරීම් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට විශාල අන්තර්ජාතික පිළිගැනීමක් හිමිව තිබේ.
එහිදී කොළඹ සහ ගාල්ල නගර කාණ්ඩ දෙකක් යටතේ ලොව ප්‍රමුඛතම ගමනාන්ත අතරට නම්කර ඇති අතර, එය රටේ සංචාරක කර්මාන්තය සඳහා විශාල ශක්තියක් ලෙස සැලකේ.
මෙරට වාණිජ අගනුවර වන කොළඹ, 2026 වසර සඳහා ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත අතරට ශ්‍රේණිගත කර ඇති අතර, ගෝලීය වශයෙන් 13 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.
මෙම සම්මානය මගින් කොළඹ ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආහාරපාන සහිත අගනුවරවල් අතරට එක්ව තිබේ.
එසේම ලොව හොඳම මධුසමය ගමනාන්ත 5 අතරට ගාල්ල එක්ව ඇත.
මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ මාස 12 ක කාලයක් තුළ Tripadvisor පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන ලද සමාලෝචන සහ ශ්‍රේණිගත කිරීම් මතය.
ලොව පුරා ලැයිස්තුගත කිරීම් මිලියන අටකින් සියයට එකකටත් වඩා අඩු සංඛ්‍යාවක් මෙම කීර්තිමත් සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.
2026 ආහාර ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන ඇත්තේ පිළිවෙලින් ලන්ඩන්, ඩුබායි සහ රෝමය යි.
ලැයිස්තුවේ ඇති අනෙකුත් නගර අතරට පැරිස්, බැංකොක්, ඔසාකා, නිව්යෝර්ක්, සිංගප්පූරුව, ඉස්තාන්බුල්, කියෝතෝ, සෝල්, නවදිල්ලිය සහ ෂැංහයි ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart