January 19, 2026

මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යට අයත් මඩුල්ල කොට්ඨා­සයේ රතු­ගල ආදි­වාසි ගම්මා­නයේ ආදි­වාසී නායක සුදා­ව­න්නිල ඇත්තන් සඳහා නව නි‍ෙව­සක් ඉදි කිරී­මට ඉඩම් හා කෘෂි­කර්ම ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපා­රය පිය­වර ගෙන ඇත.

රතු­ගල ආදි­වාසි සංව­ර්ධන සමි­තිය සහා­යද නි‍ෙවස ඉදි කිරී­මට ලැබී තිබේ.

ඒ සඳහා මුල් ගල් තැබීම එම්. එම් විජේ­නා­යක, සහ­කාර දිස්ත්‍රික් ලේකම් ඩී. ඩබ්ලිව්. දහ­නා­යක යන මහ­ත්ව­රුන් අතින් එම ගම්මා­න­යේදී සිදු කෙරිණි.

රතු­ගල ආදි­වාසි ගම්මා­නයේ හය­සි­ය­ය­කට අධික ජන­තා­වක් ජීව­ත්වෙන අතර ඔවුන්ගේ සංස්කෘ­තික උරු­මය රකි­මින් ස්වයං­පෝ­ෂිත ආද­ර්ශ­වත් ගමක් ලෙස ජන­තා­වගේ ජීවන රටාව ඉහළ නංව­මින් ආදි­වාසි නාය­කයා සිදුකරන මෙහෙය වෙනු­වෙන් මෙම නිවෙස ඉදිකෙරේ.

මෙම අව­ස්ථා­වට මොන­රා­ගල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ ආර්ථික සහ සංව­ර්ධන නිල­ධා­රීහු සහ ඌව පළාත් සංස­දයේ ඉඩම් හා කෘෂි­කර්ම ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපා­රයේ නිල­ධා­රීහු සහ­භාගි වූහ.(දිනමිණ)