
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන පාලක සන්ධානය නියෝජනය කරන මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වනු ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තවමත් වෙනස් මත දරන අය සිටින බවත්, වර්තමාන තත්ත්වය අනුව අවධානය යොමු කළ යුත්තේ පුද්ගලයෙක් කෙරෙහි නොව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑමේ හැකියාව කෙරෙහි බවත්, ඇමැතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තම පක්ෂය තවමත් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත් හිටපු කථානායක චමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කිරීමට එම පක්ෂය සුදානම් වන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart