January 6, 2026

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකඟතා සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එය පක්ෂ දෙකටම යහපත් ප්‍රවණතාවක් බවයි.

වඩාත්ම වැදගත් වන්නේ පක්ෂ දෙකම එකට එක්ව කටයුතු කළ යුතු බවට පොදු මතයකට එළඹීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ පාක්ෂිකයින් වෙනුවෙන් පක්ෂ දෙක එක්ව සුබදායී ලෙස ඉදිරියට යා යුතුව ඇති බවයි.

එළඹෙන සති දෙකක කාලය තීරණාත්මක වනු ඇති බවත්, එම කාලය තුළ පක්ෂ දෙක් එක්වී ඉදිරි ගමන පිළිබඳ තීරණයකට එළඹිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.