
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරෙන විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ යම් නිලධාරියකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් හේතුවෙන් ආන්දෝලනයට තුඩු දී ඇති වෙබ් අඩවි කේතය ඊට ඇතුළත් වී ඇති බවයි.
මෙම මොඩියුලය අධීක්ෂණය කළ බව සඳහන් නිලධාරීන්ගේ නම් රැසක් එහි ඇතුළත්ව ඇතත් ඒ කිසිදු නිලධාරියෙක් මොඩියුලය මුද්‍රණය කිරීමට නිසි අධීක්ෂණයක් කළ බවට තොරතුරු ද විමර්ශනයේ දී අනාවරණය වී නැත.
මෙම මොඩියුලය කෙටුම්පත් කිරීමේ සිට මුද්‍රණය කිරීම දක්වා සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් මෙම මොඩියුලය සකස් කිරීමට දායකත්වය ලබා දුන් විද්වතුන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට යොදා ගැනීමට මෙම මොඩියුල 300ක් 350ක් පමණ මුලින් මුද්‍රණය කර ඇත.
ගුරුවරුන්ට පුහුණු වැඩමුළුවලදී මොඩියුල ලබා දී ඇතත් ප්‍රශ්නගත වෙබ් අඩවි කේතය ඒ කිසිදු ගුරුවරයකුගේ අවධානයටද ලක්ව නැති බවද විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනීගොස් ඇත.
ඒ වනවිටත් ගුරුවරු 5000ක පමණ පිරිසක් පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වී සිට ඇත.
මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති කරුණු ඉදිරියේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart