
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වන ඇමෙරිකා එක්සත් ජනපද වේග පන්දු යවන ක්‍රීඩක අලි ඛාන්ට ඉන්දීය වීසා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා කිහිපයක සඳහන් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නකු වන ඛාන්, ‘India visa denied but KFC for the win’ යන ශීර්ෂ පාඨය සහිත රූපයක් පළ කරමින් වීසා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි.
පෙබරවාරි 7 වැනිදා සිට මැයි 8 වැනිදා දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන පිරිමි T20 ලෝක කුසලානයට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මෙම සිදුවීම වාර්තා විය.
ඇමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි 7 වැනිදා මුම්බායි හිදී සත්කාරක ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය.
ක්‍රිකට් මාධ්‍ය වාර්තාවලට අනුව, පාකිස්ථාන සම්භවයක් ඇති තවත් ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු වන ෂයාන් ජහන්ගීර්, එහ්සාන් ආදිල් සහ මොහොමඩ් මොහ්සින්ගේ ඉන්දියානු වීසා අයදුම්පත් ද ප්‍රතික්ෂේප කර ඇති බවට විශ්වාස කෙරේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය හෝ ICC වෙතින් නිල තහවුරු කිරීමක් තවමත් ලැබී නොමැත.
පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ ඇටොක් නගරයේ උපත ලැබූ 35 හැවිරිදි ඛාන්, අන්තර්ජාතික තරඟවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සතු වඩාත්ම පළපුරුදු පන්දු යවන්නකු වන අතර, එක්දින සහ T20 ආකෘති දෙකෙහිම ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කර ඇත.
ලෝක කුසලාන සංචිතයෙන් ඔහු නොමැතිවීම ඇමෙරිකානු කණ්ඩායමට සැළකිව යුතු පසුබෑමක් වනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය සහ ICCය වීසා තත්ත්වය පිළිබඳ තවමත් ප්‍රකාශ නිකුත්කර නොමැති අතර, තරඟාවලිය ආරම්භ වීමට පෙර මෙම ක්‍රීඩකයන්ට අවසරය ලබාගත හැකිද යන්න තවමත් පැහැදිලි නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart