
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව, මෙරටට පැමිණ ජූලි 28වැනිදාට වසර 200ක් ගතවීම සමරමින් විශේෂ පාගමනක් සංවිධානය කර ඇත.
එදින සිට අගෝස්තු 12වැනිදා දක්වා මෙම පාගමන පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
තලෛයිමන්නාරම සිට මාතලේ දක්වා මෙම පාගමන පැවැත්වීමට නියමිත අතර, රාජ්ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ ක්රිස්තියානි සංවිධාන එක්ව මෙම පාගමන සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට වතුකරයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ වතු කම්කරුවන් සහභාගිවීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart