
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 64 ක් පමණ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ගතවු පැය 24 තුල දිවයිනපුරා සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
පරන්තන් මුලතිවු මාර්ගයේ මුරුෂමුටෙයි ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගියේය.
පොලිසිය පැවසුවේ, බස් රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
මේ අතර අනුරාධපුර ඔයාමඩුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගියේය.
පොලීසිය පැවසුවේ තවත් 7 දෙනකු ඉන් තුවාල ලබා ඇති බවයි.
ත්රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූවන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය ප්රකාශ කළේ ය.
මේ අතර පුත්තලම මුන්දලම නවදන්කුලම ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 3 දෙනකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.
එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මේ අතර බෝගම්බර, රදාවඩුන්න, පොත්තගොඩ හා අටවිල්ලුව ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනකු මියගොස් තිබිණි.
පොලිසිය පැවසුවේ බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් පදික මාරුව හරහා ගමන්ගත් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.
කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් පදිකයකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 81 හැවිරිදි පොළොන්නරුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මීගමුව මීරිගම මාර්ගයේ පොත්තොඩ කනත්ත ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 64 හැවිරිදි කඳවල, කටාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පුත්තලම, අට්ටවිල්ලුව අතුරු මාර්ගයකදි යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ 30 හැවිරිදි, කදවල, අට්ටවිල්ලුව ප්රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart