January 13, 2026

අද (13) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම් ස්ථාන අතර ලොරියක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අනතුර හේතුවෙන් ඒ වන විට මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් වාර්තා විය.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, රථවාහන ප්‍රවාහය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලන මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.