
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා දියත් කරන ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (13) පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් වූ විනාශයෙන් පසු පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයක් සහිත හදිසි ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
‘REBUILDING SRI LANKA’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, ඒකාබද්ධ ප්‍රවේශයක් සහ අධීක්ෂණය සැපයීම සඳහා, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත.
මෙම වැඩසටහන හරහා, මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් සහ වත්කම් නඟාසිටුවීම සහ දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා මග පෙන්වීම සිදුකරනු ඇත.
ඊට අමතරව, මෙම වැඩසටහන මඟින් ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සඳහා සහාය දෙන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, සන්නිවේදන සහ පාර්ශ්වකරුවන්ගේ සබඳතා ශක්තිමත් කිරීම සහ සමස්ත නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරකම්, උපායමාර්ගික තීරණ ගැනීම, අන්තර්-අමාත්‍යාංශ ගැටළු විසඳීම, ප්‍රධාන අරමුදල් වෙන් කිරීම මෙන්ම ප්‍රතිසාධනය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ තීරණ මෙහෙයවනු ඇත.
ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ රේඛීය අමාත්‍යවරුන්ගේ සභාපතිත්වයෙන් උප-කමිටු පිහිටුවීමට ද සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart