January 7, 2026

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම සහ ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම හුදෙක් එක් අරමුණක් මත සිදු කළ මෙහෙයුමක් නොවන බව අමෙරිකාව පවසා තිබේ.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ අමෙරිකානු මැදිහත්වීමේ එක් ඉලක්කයක් වූයේ වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය තුළ චීනය ඇතුළු එක්සත් ජනපද විරුද්ධවාදීන්ගේ ආයෝජන මැඩපැවැත්වීම බවයි

මෙය බටහිර අර්ධගෝලය බවත්, මෙය අමෙරිකානුවන් ජීවත් වන ස්ථානය බවත් ඔහු පැවසුවේය.

එමෙන්ම රූබියෝ අවධාරණය කර ඇත්තේ බටහිර අර්ධගෝලය එක්සත් ජනපදයේ විරුද්ධවාදීන්, තරඟකරුවන් සහ ප්‍රතිවාදීන් සඳහා මෙහෙයුම් පදනමක් වීමට අමෙරිකාව කිසිසේත් ඉඩ නොදෙන බවයි.

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරය හමුවේ අමෙරිකාව චීනයට ප්‍රභල පණිවිඩයක් ලබා දී ඇති අතර වක්‍රාකාරයෙන් ඔවුන්ට ආර්ථිකමය වශයෙන් දැඩි පීඩනයක් ද එල්ල කර ඇත.

චීනය යනු වෙනිසියුලාවේ අංක එකේ තෙල් පාරිභෝගිකයා වන අතර, සෑම වසරකම වෙනිසියුලාවේ තෙල්වලින් සියයට 80 කට වඩා චීනයට අපනයනය කෙරේ.