January 7, 2026

වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය පිළිබඳ ඉන්දියාව අදහස් පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසුවේ එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගැනීමෙන් පසු එරට ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝර්ක් බන්ධනාගාරයක රඳවා සිටින බැවින්, වෙනිසියුලාවේ ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

වෙනිසියුලාව තුළ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ වෙනිසියුලාවේ ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථාවරයකට පැමිණෙන ලෙස ගැටලුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ලක්සම්බර්හි සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා එහිදී පැවති උත්සවයකදී මෙම අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ ඉන්දියාවේ කනස්සල්ල වන්නේ වෙනිසියුලානු ජනතාව අර්බුදයෙන් ගොඩ ඒම බවයි.

ඉන්දියාවට අවශ්‍ය වන්නේ වසර ගණනාවක් තිස්සේ ඉතා හොඳ සබඳතා ඇති රටක් වන වෙනිසියුලාව සහ එහි ජනතාව පවතින ගැටලුවලට හොඳින් මුහුණ දී එම අර්බුදවලින් පිටතට පැමිණීම බව ද අමාත්‍යවරයා පැවසුවේය.