
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඊට නව සාමාජිකයන් පත්කිරීමට කාලය එළඹ තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම කටයුත්ත සිදුකළ යුතුව ඇත්තේ අගමැතිවරිය සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙනි.
ඒ වෙනුවෙන් පසුගිය සතියේ විශේෂ රැස්වීමක් පවත්වා ඇත.
එම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයෙන් නම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහෙත් එම නම් සියල්ලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
වාර්තා සඳහන් කරන්නේ, සජිත් ප්‍රේමදාස සිය විපක්ෂ නායක ධුරයට මෙහිදී ලැබී ඇති බලතල භාවිත කරමින්, නව සිවිල් සමාජ නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමට ඉඩ නොදී, එම කටයුත්ත ප්‍රමාද කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ ඔස්සේ, දැනට එම ධුරවල කටයුතු කරන සාමාජිකයන්ගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කරගැනීම සජිත් ප්‍රේමදාසගේ සැලසුම වී ඇතැයි දැනගන්නට තිබේ.
එසේ සිදුවුව හොත් දිගින් දිගටම, විශේෂයෙන් තීරණාත්මක විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන නම් ඇතුළු තීරණාත්මක පත්කිරීම් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව පවතින බවට සජිත් ප්‍රේමදාසට උපදෙස් ලැබී ඇති බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු ගැටලුසහගත තත්වයකට පත්කිරීමේ සජබ සැලසුම අඛණ්ඩව ක්‍රියාත්මක බව දැනගන්නට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart