
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජූනි මස 17 වැනිදා සිට මීගමුව සීදූව, ලියනගේමුල්ල ප්රදේශයේ පදිංචි ගයත්රි දෙව්ෂානි සූරියසිංහ නැමැති 17 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති අතර, ඇයව සොයා මීගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
තම දියණිය අතුරුදන්වී ඇති බවට දැරියගේ පියා පැමිණිල්ලක් කර ඇති බව මීගමුව පොලිසිය පවසයි.
අතුරුදන් වූ දැරිය සොයා ගැනීමට මහජන සහය පතා පොලිසිය විසින් ඡායාරූපයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දැරිය පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 0718591630 දුරකථන අංකයට හෝ මීගමුව පොලිසියේ 031222227 අංකයට අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart