January 9, 2026

මහත් ජනාදරයට පාත්‍ර වනු ඇති බවට විශ්වාස කෙරෙන ‘පරාශක්ති’ දෙමළ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයෙන් මෙතෙක් සහතිකය නොලැබීම නිසා චිත්‍රපටය නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ PTI පුවත් ඒජන්සියට අනුව, මෙම සිදුවීම දෙමළ චිත්‍රපට කර්මාන්තය තුළ වාරණ ක්‍රියාවලිය පිළිබඳ කණස්සල්ලට හේතු වී තිබේ.

පොංගල් චිත්‍රපට පෙළගැස්ම යටතේ කොලිවුඩ් නළු විජේගේ ‘ජන නායගන්’ චිත්‍රපටයෙන් පසුව ‘පරාශක්ති’ චිත්‍රපටය තිරගත වීම ඇරඹීමට නියමිතව තිබිණි.

චිත්‍රපට කර්මාන්ත මූලාශ්‍ර උපුටා දක්වමින් PTI වාර්තා කළේ, ජනවාරි 10 වැනිදා ජන නායගන් චිත්‍රපටයට තිරගතවීම අරඹා දිනකට විශාල වැය බරක් දරා නිෂ්පාදනය කළ ‘පරාශක්ති’ චිත්‍රපටය තිරගතවීම ඇරඹීමට නියමිතව තිබුණ ද ඊයේ සවස් වනතුරුත් මණ්ඩලයෙන් අවසර සහතිකය ලැබී නොතිබුණු බවයි.

මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය හෝ පරාශක්ති නිෂ්පාදන කණ්ඩායම සහතික කිරීමේ තත්ත්වය පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත්කර නැත.

සහතික කිරීම පිළිබඳ අවිනිශ්චිතතාව සිනමාහල් වෙන්කරවා ගැනීම්වලට බලපා ඇති අතර, සහතික කිරීම තහවුරු කරන තෙක් පෙර විකුණුම් විවෘත කිරීමෙන් වැළකී සිටීමට ප්‍රදර්ශකයන් ද කටයුතු කර ඇත.

BookMyShow ඔස්සේ බ්‍රහස්පතින්දා සවස වන විටත් ලැයිස්තුගත කර තිබුණේ මෙම චිත්‍රපටය සඳහා ටිකට්පත් අලෙවි කරන චෙන්නායි හි සිනමාහල් තුනක් පමණකි.

මෙවැනි වාර්තා මධ්‍යයේ, අදාළ චිත්‍රපටයේ යුරෝපීය බෙදාහරින්නා වන 4Seasons Creations AS, X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ “පරාශක්ති ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට බොහෝ දුරට සූදානම්. චිත්‍රපටය රොටර්ඩෑම් චිත්‍රපට උළෙලට පමණක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බැවින් එය නෙදර්ලන්තයේ ප්‍රදර්ශනය අවලංගු කර තිබෙනවා. පොංගල් උත්සවය මෙදා සැරේ ඉහළින් සමරමු.” යනුවෙනි.

චිත්‍රපටයේ නිෂ්පාදකයන් විසින් මෑතකදී චෙන්නායි නුවර වල්ලුවර් කෝට්ටම් හිසංවිධානය කරන ලද දෙදින ප්‍රදර්ශනයක් අතරතුර චිත්‍රපටය ප්‍රවර්ධනයේ පියවරක් ලෙස, මහජනතාවට නැරඹීම සඳහා චිත්‍රපටයේ කොටසක් ප්‍රතිනිර්මාණය කරන ලද අතර, එය ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලැබීම නිසා සතියකට වැඩි කාලයක් දක්වා ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට සිදුව තිබිණි.