
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට අයත් මුදල් පසුම්බිය සහිත බෑගය උණවටුන ප්‍රදේශයේදී සොරකම් කරන ලද සැකකරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය සිය ස්තූතිය පළ කළ බව පොලිසිය පවසයි.
ජනවාරි 2 වැනිදා අලුයම උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී මෙම සොරකම සිදු වී ඇති අතර, එහිදී කාන්තාවගේ අයිෆෝනය, විදේශ මුදල් සහ බැංකු කාඩ්පත් අඩංගු අත්බෑගය සොරකම් කර තිබිණි.
පොලිසියට අනුව, වින්දිත කාන්තාව ජනවාරි 4 වැනිදා උණවටුන සංචාරක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව කෙටි කාලයක් තුළ පොලීසය සැකකරුවකු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
තනිව සිදුකරන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම කාන්තාව, පොලිසියේ කඩිනම් ප්‍රතිචාරය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගත් ඵලදායී ක්‍රියාමාර්ගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි අද(5) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart