
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් සංචිතයෙන් නිදහස් කරන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් දීමෙන් පසු බංග්ලාදේශයේ ක්‍රීඩා උපදේශක ආචාර්ය අසිෆ් නස්රුල් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනකදී ආචාර්ය නස්රුල් පැවසුවේ මෙම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට අපහාසයක් බවයි.
එමගින් ඉන්දියාවේදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලැබෙන ආරක්ෂාව සහ සැළකීම පිළිබඳ බරපතළ කණස්සල්ලක් මතු කරන බව ද ඔහු සඳහන් කරයි.
“ක්‍රීඩා අමාත්‍යාංශය භාර උපදේශකයා ලෙස, මම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ සමස්ත කාරණයම ICC වෙත ලිඛිතව පැහැදිලි කරන ලෙසයි. කොන්ත්‍රාත්තුව යටතේ සිටියත් බංග්ලාදේශ ක්‍රිකට් ක්රීඩකයකුට ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම්, සමස්ත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමටම ලෝක කුසලාන තරඟ සඳහා එහි යෑම ආරක්ෂිතයි කියලා හැඟෙන්නේ නැහැ,” ආචාර්ය නස්රුල් පැවසීය.
බංග්ලාදේශයේ ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවට මාරු කරන්නැයි විධිමත්ව ඉල්ලා සිටින ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට ද උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.
බංග්ලාදේශයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විකාශනය නතර කරන ලෙස එරට තොරතුරු සහ විකාශන උපදේශකවරයාගෙන් ඉල්ලා සිටි බවත්, රටට හෝ එහි ක්‍රීඩකයන්ට කරන අගෞරවයක් වන මෙම ක්‍රියාව රජය නොඉවසන බවට අනතුරු ඇඟවූ බවත් ආචාර්ය නස්රුල් තවදුරටත් පැවසීය.
“අපි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හැටියට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝ බංග්ලාදේශයට කරන කිසිදු අපහාසයක් කිසිදු තත්ත්වයක් යටතේ පිළිගන්නේ නැහැ. වහල්භාවයේ කාලය ඉවරයි,” ඔහු පැවසීය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තහවුරු කළේ ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ උපදෙස් අනුව මුස්තාෆිසුර් රහ්මාන් ඔවුන්ගේ සංචිතයෙන් ඉවත්කර ඇති බවයි.
මෙම තීරණය සඳහා ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය විසින් නිල හේතුවක් සපයා නොමැත.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශපාලන ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර, මෙම ගැටළුව දැන් දෙරට අතර ක්‍රිකට් සබඳතාවලට පැතිර යෑමේ තර්ජනයක් එල්ල වෙමින් පවතී.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart