
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොල්තෙල් ආනයනය සඳහා පැනවෙන නවතම ආනයන බද්ද මඟින් කුප්‍රකට බිලියන ගණනක වංචාවක් වූ ‘සීනි බදු වංචාව’ වැනි වංචාවක් සිදු වන බවත්, එම නිසා කළින් මිලදී ගත් තොග සහිත ආනයනකරුවන් අතළොස්සක් පමණක් ප්‍රතිලාභ ලබන බවත්, සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.
බදු ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස මිල ඉහළ ගොස් ඇති අතර, පසුගිය කාලයේ අක්‍රමිකතාවල නිරත වූ ආනයනකරුවන් කිහිපදෙනෙක්ට එමගින් ප්‍රතිලාභ සහතික කර ඇති බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කරයි.
ඇතැම් ආනයනකරුවන් ආනයනික පොල්තෙල් ටොන් 50,000ක පමණ තොග පවත්වාගෙන යන බව තමන් දන්නා බවද ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම මීට පෙර පොල්තෙල් ආනයනය සඳහා රුපියල් 200ක බද්දක් පනවා තිබූ අතර, එය නැවත පනවන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා තිබේ.
සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස විජලනය කළ පොල් කැබලි ආනයනය කිරීමට 2020 දී ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart