
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (01) පැවැති ජනමාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකතුවිය යුතුයි යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සහ සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා වන සාකච්ඡාවල වගකීම ගෙන තිබෙනවා. ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරනවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතු වීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතු වෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම නායකත්වයට වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණතභාවයටත් වටිනාකමක් දිය යුතුයි. කෙසේනමුත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ගැනීමට හැකි වෙනවා. මේ වසර තීරණාත්මත වසරක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලාගැනීමට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න නීතියෙන් බාධාවක් තිබෙනවා නම්, ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න සමගි ජන බලවේගය සූදානම්. වංචා, දූෂණ පනත ගෙන ඒමට කටයුතු කළෙත් යහපාලන රජය. ඒ වගේම රටේ වංචනිකයන් දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගවලට සමගි ජන බලවේගය රජයට උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දූෂණ, වංචා චෝදනා සඳහා විශේෂ අධිකරණයක් ආණ්ඩුව පිහිටුවිය යුතුයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart