
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැයට කිලෝමීටර 180ක වේගයෙන් කොටා-නාග්ඩා අතර ධාවනය වන නිදන පහසුකම් ඇති වන්දේ භාරත් දුම්රියකදී ‘ජල බඳුන් පරීක්ෂණයක්’ කරන වීඩියෝවක් ඉන්දීය දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
“දුම්රිය ආරක්ෂක කොමසාරිස් විසින් වන්දේ භාරත් නිදන මැදිරි සහිත දුම්රිය අද පරීක්ෂා කළා. එය කොටා නාග්ඩා කොටස අතර පැයට කිලෝමීටර 180ක වේගයෙන් ධාවනය වුණා. අපගේ ජල පරීක්ෂණය මෙම නව පරම්පරාවේ දුම්රියේ තාක්ෂණික ලක්ෂණ පෙන්නුම් කරනවා,” වෛෂ්ණව් X හි සඳහන් කර තිබිණි.
එම සටහන සමග දුම්රියේ ඇතුළත සිට රූගත කරන ලද වීඩියෝවක දැක්වුණේ ජංගම තිරයක දුම්රියේ වේගය පැයට කිලෝමීටර 182 දක්වා ළඟාවන ආකාරය පෙන්වන අතර ජලයෙන් පිරුණු වීදුරුව ඉහිරී නොගොස් තිබීමෙන් දුම්රියේ ස්ථායිතාව පෙන්නුම් කරයි.
ඉන්දියානු දුම්රිය ජාලය හරහා දැනට ධාවනය වන වන්දේ භාරත් දුම්රිය සැලසුම් වේගය පැයට කිලෝමීටර 180ක් සහ උපරිම මෙහෙයුම් වේගය පැයට කිලෝමීටර 160ක් සහිත අර්ධ අධිවේගී දුම්රිය සේවා ලෙස ක්‍රියාත්මක් වේ.
දුම්රියේ සාමාන්‍ය වේගය ධාවන පථයේ ජ්‍යාමිතිය, මාර්ගයේ නැවතුම් ස්ථාන, කොටසේ නඩත්තු කටයුතු ආදිය මත රඳා පවතින බව දුම්රිය අමාත්‍යාංශය සඳහන් කරයි.
“ඉදිරියේ දී වන්දේ භාරත් රාත්‍රී නිදන මැදිරි සහිත දුම්රිය දිගු දුර මගීන් සඳහා වේගය, සුවපහසුව සහ නවීන පහසුකම් ඒකාබද්ධ කරනු ඇති බව ද අමාත්‍යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart